පොහොට්ටුවේ මල සොයන්න සාකච්ඡා

393

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි සාමාජික පක්ෂ සහ ජනපතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින අපේක්ෂකයන් සමග එළඹෙන සතියේ සිට සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව නෙළුම් මාවත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම වෙනත් තෝරාගත් ස්ථාන කිහිපයකදී මෙම විශේෂ සාකච්ඡා වෙන වෙනම පවත්වන බව එම පක්ෂයේ ප්‍රභල තනතුරක් හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එම පවත්වනු ලබන සාකච්ඡාවන්හි ප්‍රතිඵල අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තීන්දුවක් ගනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment