පෝට්සිටියට තවත් වසර දෙකක්

253

කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක් පෝර්ට් සිට කළම්බු පෞද්ගලික සමාගම (CHEC Port Colombo (Pvt) Ltd) අතර 2016 වසරේදී ගිවිසුම් අත්සන් කර ඇත.

එම ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය 2025-06-05 දින අවසන් කළ යුතුව තිබුණි.

නමුත් පැවැති කොවිඩ් වසංගතය සහ ව්‍යාපෘති සමාගමේ මූල්‍ය සීමාවන් හා ණය හිමියන් වෙත පවතින බැඳීම් ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයාගැනීමට නොහැකිවීම නිසා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා 2027-06-05 දින දක්වා තවත් වසර දෙකක් දී ඇත.

පෝට්සිටියට තවත් වසර දෙකක් කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක් පෝර්ට් සිට කළම්බු පෞද්ගලික සමාගම (CHEC Port Colombo (Pvt) Ltd) අතර 2016 වසරේදී ගිවිසුම් අත්සන් කර ඇත.

එම ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය 2025-06-05 දින අවසන් කළ යුතුව තිබුණි.

නමුත් පැවැති කොවිඩ් වසංගතය සහ ව්‍යාපෘති සමාගමේ මූල්‍ය සීමාවන් හා ණය හිමියන් වෙත පවතින බැඳීම් ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයාගැනීමට නොහැකිවීම නිසා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා 2027-06-05 දින දක්වා තවත් වසර දෙකක් දී ඇත.

අදාළ යෝජනාව මුදල් අමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment