පෞද්ගලික අංශයේවත් රැකියා නොලැබෙන රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් රටේ ඉන්නවා

55

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තමා යාපනයේ සංචාරය කරන අතරතුර රැකියා නොමැතිව යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත තරුණයන් පිරිසක් හමුවූ බවත් ඔවුන් සමග සාකච්ඡා කිරීමේ දී උතුරු පළාතේ පමණක් රැකියා විරහිත උපාධිධාරීන් 4000ක් පමණ සිටින බව දැන ගැනීමට ලැබුණු බවත් මේ වන විට රටේම 50000ක් පමණ උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික අංශයට හෝ ඔවුන්ට රැකියාවක් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බහුතරයක් කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශය රැකියා ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් එයට හේතුව ඔවුන් නව තාක්ෂණයෙන් නව දැනුමෙන් සන්නද්ධ නොවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි11) යාපනය මනිපායි සෙන්දිලිප්පායි හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 231 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ අවස්ථාව සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සහ සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායිකා උමාචන්ද්‍ර ප්‍රගාශ් මහත්මිය ද එක් වූවාය.

වෛද්‍ය, පරිගණක, තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍රයට රැකියා ලැබුණත් කලා උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් එයට හේතුව විෂය නිර්දේශයේ ගැටලු බවත් මේ නිසා 50000ක පමණ උපාධිධාරීන් මහපාරේ සිටින්නේ ඒ අයගේ වරද නොව අධ්‍යාපනය ක්‍රමයේ වරද නිසා බවත් විපක්ෂනායකවරයා පැවසීය.

ලෝකයේ සෙසු රටවල මෙන් අප රටේත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ශ්‍රමිකයන් බිහි කළ යුතු බවත් නව යුගයට ඔබින්නේ තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මිස සිංහල පමණයි දමිළ පමණයි නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එම නිසා සිංහල පමණයි දමිළ පමණයි නොකියා IIT, IIM වැනි ආයතන අප රටෙත් ඇති කළ යුතු බවත් මේ මොහොතේ පවා ලෝකය වෙනස් වන බැවින් එම වෙනසට අපිත් අනුගත විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

එසේම දරුවා කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට පසු පුරවැසියා කේන්ද්‍ර කර ගත යුතු බවත් දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද නව තාක්ෂණික දියුණුව සඳහා පුහුණු කළ යුතු බවත් සුහුරු අධ්‍යාපනය මෙන්ම සුහුරු කෘෂිකර්මය, සුහුරු ධීවරයා නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

යහපාලන රජයේ යෝජනාවක් වූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන අහපු එකටත් සමාජ මාධ්‍ය හරහා අපහාස කරනවා.

යහපාලන රජය සමයේ යාපනයේ ක්‍රිකට් ක්‍රීඩංගණයක් හදන්න යෝජනා වුවත් එය ක්‍රියාත්මක නොවී ඇති බවත් ඒ ගැන

පසුගියදා කළ විමසීමක් සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා අපහාසාත්මක ලෙස හුවමාරු වන බවත් තමා එහි දී විමසා සිටියේ යහපාලන සමයේ යෝජනා වූ ක්‍රීඩාංගණය ගැන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment