පෞද්ගලික බසයක් අද අලුයම ගිනිගෙන විනාශවේ

294

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී අද අලුයම ගිනි ගෙන විනාශ වී ඇත.

අද අළුයම කොළඹින් පිටත් වී ඇති බස් රථය තුළ ගින්න හටගන්නා අවස්ථාවේදී මගීන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් වාර්තාවේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති නොමැති අතර ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ. ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


advertistmentadvertistment