බච්චන්ට එහා ගිය රංගන ශිල්පීන් ගැන විපක්ෂ නායක පවසයි

128

ලෝකයේ හොඳම සිනමා ශිල්පීන් වන්නේ සිනමා කරුවන් වුවත් අප රටේ හොඳම රංගන ශිල්පීන් වී ඇත්තේ පාලකයෝ බවත් ඔවුන් අමිතාබ් බච්චන්ටත් එහා ගිය රංගනයක නිරත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම නිසා ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම ජනතාවගේ වගකීම බවත් මේ රජය සමහර දත්ත පවා සඟවා ඇති බවත් පවසන විපක්ෂ නායකවරයා අර්ථ සාධක අරමුදලට වුණ බලපෑම ගැන පවා තොරතුරු මේ වන තෙක් හෙළිකර නොමැති බවත් සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ ගම්පහ වත්තල තෙළඟපාත ශ්‍රී රතනපාල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 263 වැනි අදියරට එක්වෙමිනි.
අද රටේ සිදුවන්නේ ගොනාට ඇන්දවීමේ සූදුව බවත් සත්‍ය තොරතුරු ගැන දන්නා කවුරුත් අප රට බංකොලොත්භාවයෙන් එළියට ආවා කියා පිළිගන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ එක් පාර්ශ්වයක් සමඟ ගිවිසුමක් ගැසීමෙන් බංකොලොත්භාවයෙන් එළියට ආ නොහැකි බවත් අප රට ජාත්‍යන්තර සෛරී බැදුම්කරුවන් සමඟ කිසිදු ස්ථිර ගිවිසුමකට එළැඹ නැති බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment