බස් ගාස්තු 5%කින් අඩුවෙයි! අවම ගාස්තුව රු.28ලු – ගැමුණුගෙන් හෙළිදරව්වක්

1

බස් ගාස්තු සියයට 5කින් ජූලි 01වැනිදා සිට පහත දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.

අවම බස් ගාස්තුව වන රුපියල් 30ක ගාස්තුව රුපියල් 2කින් පහළ යන බවත් ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 28ක් වන බවත් ඔහු කීවේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග ඊයේ (28 දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව ද ඔහු පැවැසීය.

මීට අමතරව අනෙක් ගමන් ගාස්තු ද මෙයට සමගාමීව සියයට පහකින් අඩුවන බව ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment