බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාවක් ශ්‍රී ලංකාවේදී

37

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාවක් එළැඹෙන ජූලි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ විනිසුරු පාඨමාලාව ජූලි මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව තුළ මේ වන විට බීච් වොලිබෝල් හෝ ගෘහස්ථ වොලිබෝල් විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරන විනිසුරුවන්ට සහභාගි විය හැකිය. එලෙස කටයුතු කරන විනිසුරුවන් ඉහත පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන්නේ නම් පෞද්ගලික විස්තර ඇතුළත් අයදුම්පතක් එළැඹෙන ජූනි මස 10 වැනිදාට පෙර යොමු කළ යුතු බව වොලිබෝල් සම්මේලනය නිවේදනය කර තිබිණි. අදාළ අයදුම්පත් යන විද්‍යුත් ලිපිනයට හෝ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට යොමු කළ යුතු බවද මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනයේ දක්වා තිබිණි. කෙසේ වෙතත් අදාළ අයැදුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම පාඨමාලාව සඳහා අයැදුම්කරුවන් තෝරාගනු ලැබේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය (අංක 0112669344) හෝ සම්බන්ධීකරණ නිලධාරී ධනපාල ජයපත්ම මහතා (අංක 0710953456) අමතා ලබා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment