යම් භාවයක රවි බුධ මහා ඥානකාරක යෝගය හෙවත් බුධ ආදිත්‍ය යෝගය පිහිටා කේතු හා සඳුගේ දෘෂ්ඨියට ලක් වූ විට න්‍යාය ශාස්ත්‍රයේ හා ඉගෙනීමේ පරතෙරට ගිය විෂයයන් එකකට වඩා වැඩි ගණනකට දක්ෂකම් දක්වන්නා වූ හසල ගුප්ත දැනුමක් ඇති අයකු බිහි කරයි. මෙය අන් රාශිවලට වඩා කන්‍යා හා මිථුන රාශිවලට වඩා හොඳින් ක්‍රියාත්මක වෙයි.
බුධ ග්‍රහයා රවි සමග සංයෝගව සිටීම රවි බුධ මහා ඥානකාරක යෝගය හෙවත් බුධ ආදිත්‍ය යෝගයයි. යමකුගේ ජන්ම පත්‍රයේ බුධ රවි හා ලග්නයේ බලවත්ව පිහිටීමෙන් ඇතිවන ආදිත්‍ය යෝගය ඉතාම බලවත් වන අතර, මෙම ග්‍රහ පිහිටීම වෙනත් භාවවල පිහිටීමෙන් වුව ද මෙහි බලය යම් අඩුවැඩි වී වශයෙන් නමුදු ලැබේ.
මෙම රවි බුධ යෝගය අන් යෝග මෙන් නොව ප්‍රතිඵල ඉතාම ඉක්මනින් ජන්මියාට ලබාදෙයි. ඕනෑම ශුභ භාවයකට සුදුසු මෙම යෝගය ලග්නයට 3 වැන්න 6 වැන්න 8 වැන්න හා 12 වැන්නට අධික ශුභ ඵල උදාකරලීම විශේෂත්වයකි.
රවි- බුධ යෝගය හෙවත් ආදිත්‍ය යෝගය අටවැන්නේ තැම්පත් වීම රාජ යෝගයකි. ලෝකය ජයගත් විශිෂ්ට දේශපාලකයන් මෙන් ම බුද්ධිමතුන්ගේ කේන්ද්‍රවල රවි – බුධ ලග්නයේ හෝ අට වැන්නේ පිහිටීම විශේෂ තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි වෙයි.
තනිව ගත් කල බුධ ආදිත්‍ය යෝගය ඕනෑම භාවයකට ශුභ යැයි සැලකුව ද යෙදෙන රාශිය අනුව එහි ශුභ ඵලය වෙනස් වෙයි. මෙම යෝගය කන්‍යා, මිථුන වැනි බුධ ට අයිති රාශිවලට ඉතාම හොඳ ශුභ ඵල උදාකරයි. මෙම යෝගය පිහිටන දරුවෝ ඉගෙනීමට අතිදක්ෂ වන අතර ශාස්ත්‍රයට අධිපති සරස්වතී දේවියගේ ආශිර්වාදය නිරතුරුව ලබයි. මෙම ග්‍රහ සංයෝගය මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශිවලට මෙන් ම කටක, වෘශ්චික, මකර , කුම්භ යන රාශිවලට ද ශුභඵල උදාකරයි. එසේ වුවද වෘෂභ, තුලා, මීන, රාශිවලට මෙම බුධ ආදිත්‍ය යෝගය සුබ ඵල හීන කරනා බව අත්දැකීමෙන් ඔප්පු වී තිබේ.
යම් භාවයක රවි බුධ මහා ඥානකාරක යෝගය හෙවත් බුධ ආදිත්‍ය යෝගය පිහිටා කේතු හා සඳුගේ දෘෂ්ටියට ලක් වූවිට න්‍යාය ශාස්ත්‍රයේ හා ඉගෙනීමේ පරතෙරට ගිය විෂයයන් එකකට වඩා වැඩි ගණනකට දක්ෂකම් දක්වන්නා වූ හසල ගුප්ත දැනුමක් ඇති අයකු බිහි කරයි. මෙය අන් රාශිවලට වඩා කන්‍යා හා මිථුන රාශිවලට වඩා හොඳින් ක්‍රියාත්මක වෙයි.
පොදුවේ ගත් කල මෙවැනි බුධ ආදිත්‍ය යෝගයක් හිමි පුද්ගලයා බුද්ධිමත් භාවයෙන් ප්‍රකට අයෙකි. මොවුන් අතිදක්ෂ කලාකාරයන්, වියත් ලේඛකයන්, දක්ෂ කවියන්, උසස් වෘත්තීය හිමිකරුවන් වන්නේය. ඕනෑම ගැඹුරු විෂයක් සරලව ධාරණය කර ගනී. තම ආත්ම ගෞරවය පණමෙන් රකින මොවුන් රටේ හොඳ නම පතුරන්නෝ වෙති. සමාජයේ පැසසුම, කීර්තිය, නම්බුනාම මොවුන් වෙත ඇදී එන්නේ නිරායාසයෙනි. ජීවිතය පුරාවට ම සැප සම්පත් භුක්ති විඳින මොවුන් තමන්ට පැමිණෙන දුක් කම්කටොලු උපේක්ෂාවෙන් විසඳා ගනී.
මෙම යෝගය යම් කේන්ද්‍රයක පිහිටා එහි උපස්ථානය රවි ට හෝ බුධ ට අයත් වන අවස්ථාවේ මෙය විශිෂ්ට ලෙසම ප්‍රතිඵලදායක වෙයි. තවද මෙම යෝගය මතට වැටෙන ග්‍රහ දෘෂ්ටියට පලාඵල කථනයකදි ඡ්‍යාතිෂවේදියා ඉතා අත්‍යාවශ්‍යයෙන්ම බලනා කාරණයකි. බුධ ආදිත්‍ය යෝගය කෙතරම් හොඳින් පිහිටා තිබුණා ද එයට අශුභ ග්‍රහයකුගේ දෘෂ්ටිය වැටේ නම් එහි ප්‍රතිඵල හීන වන අතර මෙම යෝගයේ පිහිටීම හොඳ දැනුමක් ඇති ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරගත යුත්තේ මේ හේතුව නිසාවෙනි.
සමස්ථ ලංකා වෘත්තීය ජොතිෂ්‍යවේදින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්, ජ්‍යොතිෂය විද්‍යා කීර්ති ශ්‍රි විභූෂණ
ආචාර්ය එච්. ඩ්. නුවන්දිකා ඌෂාන්ත්‍රි
076 641 3242