බූස්ස බන්ධනාගාර අධිකාරි ඝාතනයේ සැකකරු අද අධිකරණයට

78

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලායෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඊයේ (15) කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුනේ මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය උපයෝගී කර ගනිමිනි.
අම්බලන්ගොඩ කොලීවත්ව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු 31 හැවිරිදි පුද්ගලයෙකි.දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙනිය සුද්දා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කොට ඇත්තේ මොහු බව පොලිසිය සඳහන් කරයි.


advertistmentadvertistment