බොලිවියාවේ රජය පෙරළීමේ තැත ව්‍යර්ථ වේ

142

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන බොලිවියාවේ රජය පෙරළා දැමීමට එරට හමුදාව විසින් පෙරේදා (26) ගත් උත්සාහයක් පොලිසියේ මැදිහත් වීමෙන් ව්‍යර්ථ වී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පෙරේදා සවස බොලිවියාවේ ලපාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළු වූ එරට හමුදා අණදෙන දෙන නිලධාරියා වන ජෙනරාල් ජුවාන් ජෝසේ සුනිගා ගේ නායකත්වයෙන් යුතු හමුදා භට කණ්ඩායම් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනාධිපති ලුවිස් ආර්සේ ගේ නායකත්වයෙන් යුතු බොලිවියානු රජය පෙරළා දමා හමුදා පාලනයක් ඇති කිරීමට උත්සාහ ගෙන තිබිණි.

කෙසේ වුවද බොලිවියානු ජනාධිපතිවරයා එම අවස්ථාවේ ජාත්‍යන්තර හා මහජන සහය ඉල්ලා සිටීමත් සමගම හමුදා භට කණ්ඩායම් ජනාධිපති මැඳුරෙන් ඉවත්ව ගොස් ඇති අතර පොලිසිය ජනාධිපති මැඳුරේ ආරක්ෂාව භාරගෙන තිබේ. හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ ජෙනරාල් සුනිගා බොලිවියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එරට හමුදාවේ නව අණදෙන නිලධාරියා ලෙස ජොසේ විල්සන් සැන්චෙස් පත් කිරීමට බොලිවියානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment