බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ නිල නිවසේ සේවය කරන පුද්ගලයකුට ඒ මහතා සහ බිරිඳ විසින් සිදු කළ හිංසනයක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට පියවර ගත හැක්කේ අදාල සේවකයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණිලි කළහොත් පමණක් බව සඳහන් කරයි.එම සේවකයා විසින් බ්‍රිතාන්‍ය පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව ඔහු විශේෂ විදේශ ගමන් බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවට එවා ඇත.මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ තමාට සිද්ධිය වාර්තා වී ඇති බව ද ක්ෂණිකව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකට එරෙහිව පියවර ගත නොහැකි බවය.
|