දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් තමන්ට ලැබුණු අතිරේක සභික ධුර (බෝනස්) වලට අදාළ නාම ලේඛන මැතිවරණ කොමිසමට යැවීම ප්‍රමාද කිරීම නිසා සභාවල මංගල රැස්වීම් කැඳවීමේ ප්‍රායෝගික ගැටලු මතු වී තිබේ.
පළාත් පාලන ආයතන පිහිටුවීම ලබන 02 වැනිදා වනවිට අවසන් කළ යුතු අතර සභා රැස්කිරීමේ න්‍යායපත්‍රය අදාළ ආයතන මගින් සතියකට පෙර නවක සභිකයන්ට දැනුම් දියයුතු වෙයි.
එහෙත් නාම ලේඛන ප්‍රමාදය හේතුවෙන් ලබන සතිය මුල් භාගයේ දී ප්‍රමාද වී ලැබෙන ලේඛන මුද්‍රණය සිදුවන බැවින් සභාවල නිත්‍යානුකූල කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
මේ අතර කොළඹ මහ නගර සභාව සඳහා ප්‍රධාන පක්‍ෂ රැසක් මෙතෙක් සිය අතිරේක නාම ලේඛන මැතිවරණ කොමිසමට භාරදී නොමැති බව වාර්තා වෙයි.
ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවට අතිරේක සභික ධුර හිමි නොවූ අතර සමගි ජන බලවේගයට 15 ක්ද, එ.ජා.ප.යට 11ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 4ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට 3ක්ද, සර්වජන බලයට 2ක්ද හිමිව තිබුණි.
ප්‍රමාද වී ලැබෙන අතිරේක ලේඛන ලබන සඳුදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත.
රනිල් ධර්මසේන