බෞද්ධාලෝක වෙසක් කලාපය 23 දා සිට 26 දා දක්වා

106

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ මෙවරත් මැයි 23 දින සිට මැයි 26 දින දක්වා තුංමුල්ල මංසන්දියේ සිට බොරැල්ල කනත්ත වටරවුම දක්වා පැවැත්වේ.

‘සුරකිමු අපි අපේකම’ යන තේමාව යටතේ මෙවර බෞද්ධාලෝක වෙසක් උළෙල සංවිධානය කර ඇත.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් වර්ෂ 2001 දී ප්‍රථම වරට සංවිධානය කළ ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ මෙවර පැවැත්වෙනුයේ 23 වැනි වරටය.

මෙම බෞද්ධාලෝක වෙසක් කලාපය තුළ ඩිජිටල් වෙසක් තොරණ, භක්ති ගීත වැඩසටහන්, දන්සැල්, ධාතු ප්‍රදර්ශනයක්, පාසල් දරුවන්ගේ චිත්‍ර තරගයක් සහ වෙසක් කූඩු තරග ඇතුළු විශේෂාංග රැසක් සංවිධානය කර ඇත. මෙම වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරෙන අතර මෙම වෙසක් කලාපයට ත්‍රිවිද හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ ද සහය ලැබී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment