බිනර පුර පසළොස්වක පෝය අදට (17දා)ට යෙදී තිබේ.
භික්ෂුණි ශාසනයේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟ විවෘත කළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
පැවිද්ද අවශ්‍යනම් අෂ්ට ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් වදාළ අතර මහා ප්‍රජාපති ගෝතමිය එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනකය.
මෙරට බෞද්ධ ඉතිහාසය ගත්විට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් අද වැනි උතුම් බිනර පොහෝ දිනයේ දී සිදු වීමය.