උතුරේ වෛද්‍ය වර්ජනය අද

73

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන එක් දින සංකේත වැඩ වර්ජනය අද (03 දා) උතුරු පළාතේ රෝහල් වල ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම සංකේත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සෑම දිනකම උදෑසන 8.00 සිට ආරම්භ වී පැය 24ක කාලයක් ක්‍රියාත්මක වන බවත් වැඩ වර්ජන කාලසීමාවේදී හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙරේදා (01 දා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මෙම සංකේත එක්දින වැඩ වර්ජනය යටතේ 06 වැනිදා වයඹ පළාත, 07 වැනිදා සබරගමුව පළාත, 08 වැනිදා මධ්‍යම පළාත සහ නැගෙනහිර පළාත, 09 වැනිදා දකුණු පළාත සහ උතුරු මැද පළාත, 10 වැනිදා බස්නාහිර පළාත නියෝජනය වන පරිදි සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් එක්වීමට නියමිතය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment