Sunny’s mansion ට්‍රේලරය එළියට

100

‘Sunny’s mansion’ නම් අන්තර්ජාතික සිනමා පටයේ ප්‍රධාන නළුවා ලෙසින් තම රංගන දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකික අතිදක්ෂ, අපූරු රංගධරයෙක් තමයි බුද්ධික ජයරත්න කියන්නේ. බුද්ධික මෙලෙස අන්තර්ජාතික සිනමා පටයකට රංගනයෙන් දායක වන දෙවන අවස්ථාව මෙයයි. මේ දිනවල ශ්‍රී ලාංකික මෙන්ම අන්තර්ජාතික ප්‍රේක්ෂකයන්ගේ ද ආදරයට ලක්වෙමින් Sunny’s mansion සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය දින කිහිපයකට පෙර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විස්තර අපි බුද්ධිකගෙන්ම විමසා සිටියා.

මම රංගනයෙන් දායක වුණ නවතම සිනමාපටය වන්නේ, ‘Sunny’s mansion’ කියන අන්තර්ජාතික සිනමා පටයයි. ඒකෙදි මම ප්‍රධාන චරිතයකට තමයි රංගනයෙන් දායක වුණේ. මේ සිනමාපටයේ මූලික හේතුව වන්නේ මගේ චරිතයයි. ‘Sunny’s mansion’ කියන්නේ, කවර ගණයේ සිනමාපටයක්ද?

යක්ෂයා සහ දුෂ්ටයා මුල්කරගත් චිත්‍රපටය කියලා මේ චිත්‍රපටය හඳුන්වන්නට පුළුවන්. තවත් විදියකට කිව්වොත් මේක ත්‍රාසජනක, අත්භූත ගණයේ චිත්‍රපටයක් කියලා කියන්නත් පුළුවන්.

‘Sunny’s mansion’ සිනමාපටය කවදා වගේද තිරගත වෙන්නේ?

මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ හෝ ජනවාරි මාසයේ තිරගතවෙයි බොහෝ දුරට. හැබැයි ‘Sunny’s mansion ’ තිරගත වෙන්නේ, world release එකක් විදියට. ගොඩක් වෙලාවට ඇමරිකාවෙන් පටන් අරගෙන තමයි තිරගත වෙන්නේ. මම දන්න තරමට ශ්‍රී ලාංකික පුද්ගලයෙක් පිටරටක ඉඳලා කරන පළවෙනි අන්තර්ජාතික English speaking චිත්‍රපටයක් මේක. ඒකට සම්බන්ධවෙන එකම ආසියාතිකයා වන්නේ මම. මේ චරිතයේ මගේ නම “ධාර්.” “ධාර්” කියන්නේ ගොඩක් මන්තර ගුරුකම් දන්න ආසියාතිකයෙක්.

Sunny’s mansion ට්‍රේලරය එළියට

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment