මත් ගැටුමකට ‘හිච්චි මල්ලී’ ඝාතනය කරයි

692

ගාල්ල අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද අලුයම හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් හිච්චි මල්ලි නමැත්තා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.
තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි මෙම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී කඩුවකින් පහරදී තිබේ.

දැනට ප්‍රදේශයෙන් පැනගොස් ඇති සැකකරු විසින් මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට ද කඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

මෙම ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට කරුණු වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment