මධරසි’  ( madrasi  ) රූ ගත කිරීම් ශ්‍රී ලංකාවේ 

78

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සිවකාර්තිකේයන්  ( Sivakarthikeyan ) ගේ  23 වැනි චිත්‍රපටය වන ‘මධරසි’  ( madrasi  ) චිත්‍රපටයේ අවසන් රූගත කිරීම් ශ්‍රී ලංකාවේ දී සිදු කිරීමට නියමිතව තිබේ යැයි  වාර්තා වේ .

ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිටත් සිනමා පටයට අදාළ ශිල්පින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය .

එම කණ්ඩායම දින 15 සිට 20 ක් දක්වා කාලයක රූගත කිරීම් සිදු කරනු ඇති බවද එම වාර්තාවල සඳහන්ය .

ඒ.ආර් මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ශ්‍රී ලක්ෂ්මි චිත්‍රපට විසින් නිෂ්පාදනය කරන ලද ‘මධරසි’  ( madrasi  ) චිත්‍රපටය මේ වසරේ සැප්තැම්බර් 5 වැනි දා නිකුත් කිරීමට නියමිතව තිබේ .


advertistmentadvertistment