දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලුම දමිළ පාසල්වලට නොවැම්බර් 01 දා නිවාඩු ලබාදෙන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා විසින් මධ්‍යම පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
දීපාවලි උත්සවය පැවැත්වෙන 31 වැනිදායින් පසු එළඹෙන 01 වැනිදා දමිළ සිසු සිසුවියන් පාසල් නොපැමිණෙන නිසා එම පාසල්වල විදුහල්පතිවරුන් රැසක් එදිනට පාසල් නිවාඩු දෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා ඇති බවද එම ලිපියේ සඳහන් වේ. 01දා නිවාඩු දිනයට හිලවු නිවාඩුවක් වශයෙන් 2024.11.09 දින පාසල පවත්වාගෙන යන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යොමු කර ඇති ලිපියේ සඳහන් කර ඇත. 01 දා ලබාදෙන නිවාඩුව තැපැල් ඡන්ද කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට කළමනාකරණය කර ගත යුතු බවට අවශ්‍ය උපදෙස් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදෙන ලෙසද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
නුවරඑළිය නාලක රත්නායක