අහංගම පොදු වෙළඳ පොළේ ජංගම වෙළෙඳ සලක් පවත්වාගෙන යන ඩී.කේ. පියරත්න මහතා තමා දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල්වලින් පාසල් ළමයින් 250 කට පාසල් පොත් බෑග් පරිත්‍යාග කිරීම පොදු වෙළඳ පොළ භූමියේදී පවත්වන ලදී. මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීර සහ අහංගම දුම්රිය ස්ථානාධිපති සුරේන් උබයසිරි යන මහත්වරු සහභාගි වූහ.
පියරත්න මහතා, මම දවසකට පැය දාහතරක් හිටගෙන ඉඳලා උපයපු මුදලින් පාසල් දරුවන්ට මේ වගේ උදව්වක් කරන්න ලැබීම මට හරි සතුටක්. මම ඉතා අමාරුවෙන් මේ තැනට ආවේ. මට දියණියන් හතර දෙනෙක් ඉන්නවා. මේ මුදල් ඒ අයගේ පොත්වල දාන්න තිබුණා. මම එහෙම කළේ නැහැ. ඉගෙන ගන්න දරුවන්ට උපකාර කරලා සංතෝසෙන් මැරෙන්නයි මට ඕනෑ. ලබන වාරයේ මෙයට වඩා සපත්තු එක්ක අංග සම්පූර්ණ කට්ටලයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
අහංගම – සුගතපාල දීයගහගේ සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්