එංගලන්තයේ හා දකුණු අප‍්‍රිකාවේ ඔමික්‍රෝන් ආසාදිතයෝ ඉහළට

119

මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇති ඔමික්‍රෝන් නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ දරුණු බව සම්බන්ධයෙන් පවතින සායනික දත්ත සීමිත වුවද එම වෛරස් ප‍්‍රභේදය හේතුවෙන් මේ වන විට එංගලන්තයේ හා දකුණු අප‍්‍රිකාවේ රෝහල්ගත කෙරෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සෑම රටක්ම මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන එන්නත් ලබාගත් හා නොගත් සියලූ දෙනා එළිමහනට යෑමේදී නිසි ලෙස මුඛය හා නාසය ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම, සමාජ දුරස්ථභාවය රැකීම හා නිතර දෑත් විෂබීජ නාශක දියරයක් (සැනිටයිසර්) හෝ සබන් යොදා පිරිසිදු කර ගැනීම යන කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි අනුගමනය කිරීම සඳහා සිය ජනතාව යොමු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව එම සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පුනම් කෙත‍්‍රපාල් සිං පවසන්නීය.

‘‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යනුයේ ප‍්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතින මිනිසුන් වෙසෙන රටවල බව පෙනී යන කරුණක්, මේ නිසා මෙම කාලයේ සමාජයේ පිරිස් හා ගැටීම මෙන්ම සෙන`ග ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම සෑම දෙනාගේම යුතුකමක් හා වගකීමක්’’ යැයි වෛද්‍ය සිං සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment