දේශපාලන අධිකාරීත්වය මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම, ඉතිහාස ගතවන වරදක් බව, එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ඊයේ (02දා) පැවැසීය.
පසුගිය කාලයේ මහජන උපයෝගීතා කොමිසමට මෙසේ දේශපාලන බලපෑම් එල්ලවීම නිසා කොමිසම අභියෝගාත්මක තත්ත්වයකට පත්වූ බවද හෙතෙම සඳහන් කළේය.
විදුලිබල පනතේ සහ මහජන උපයෝගීතා පනතේ පවතින ක්‍රමවේදයට පරිබාහිරව ඇටෝර්නි ජනරාල්වරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් වැරදි අර්ථකථන ලබාගනිමින් විදුලි ගාස්තු යළි වැඩිකිරීමේ ක්‍රමවේදයක් ගෙන තිබුණත්, මහජන උපයෝගීතා කොමිසම එයට අවසර නොදෙන බවද ඒ මහතා කියා සිටියේය.
ආර්ථික පසුබෑම නිසා ගිය වසරේ රටට විශාල ප්‍රශ්න ඇතිවූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පරිදි ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට මෙන්ම යුරෝපය ඇතුළු ඇමෙරිකාවටද මේ වසරේත් ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි කර ඇති පුරෝකථනය යහපත් නැතැයිද හෙතෙම පැවැසීය.
මාස 04 කට පෙර විදුලි බිල වැඩිකර තිබියදීත්, රට පිරිහීමට පත්ව ඇති මෙවැනි කලක යළි විදුලි බිල වැඩි කිරීමට කොමිසම බලාපොරොත්තු නොවන බවත් නව වසරේ වැඩ ආරම්භ කරමින් ඊයේ (02 දා) එම කොමිසමේ පැවැති උත්සවයකදී සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේය.
සුජීව තත්සර