මහනුවර අධිකරණ සංකීර්ණයෙහි බෝම්බ බිය ඇතිකළ අය අත්අඩංගුවට

69

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ දුරකථනය ඔහු සන්තකයේ නොතිබුණු බවත් එම දුරකථනය ඊයේ දහවල් අස්ථානගත වූ බවත් සැකකරු පොලීසියට පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment