මහනුවර දිස්ත්‍රික් නෙට්බෝල් ශූරතාව ගඟවටකෝරළයට

19

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරගාවලියේ නෙට්බෝල් ශූරතාවය හිමිකර ගැනීමට ඟගවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත්විය.

මෙම තරගාවලිය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර අවසන් මහා තරගය සඳහා කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම හා ගඟවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ලදී.

අවසන් තරගයේදී ලකුණු 60-10ක් ලෙස ලකුණු ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් මහනුවර දිස්ත්‍රික් නෙට්බෝල් ශූරතාවය හිමිකර ගැනීමට ගඟවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් වූ අතර මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ද සුදුසුකම් ලබාගත්තේය. තරගාවලියේ අනුශූරතාවය කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සතු විය.

මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී චන්න සෝමරත්න මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන


advertistmentadvertistment