මන්තී‍්‍රගේ ප‍්‍රකාශයට ආණ්ඩුකාරවරිය පොලිසි යයි: ස්වාධීන පරීක්‍ෂණයක් ඉල්ලයි

341

දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශානසක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා (07 දා* තමා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඊයේ (09 දා* ඉල්ලීමක් කර ඇත. එම චෝදනාව පදනම් විරහිත එකක් යැයිද ඇය කියා සිටියාය.

රාසමානික්කම් මන්ත‍්‍රීවරයා විසින් කර තිබූ ප‍්‍රකාශයේ නැගෙනහිර පළාතේ අනවසර වැලි කැණීම් සිදුවන බවත් ඒවාට තමන්ද වග කිවයුතු බවත් සඳහන්ව තිබූ නිසා ඒ පිළිබඳ නිසි පරික්‍ෂණයක් කඩිනමින් පවත්වා ඊට අදාළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය ඉල්ලා ඇත.

කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ සිදුවන අනවසර වැලි කැණීම් සඳහා තමන් උදව් උපකාර කරන බවට රාසමානික්කම් මන්ත‍්‍රීවරයා කර ඇති චෝදනාව තමා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ‘දිවයින’ ට ඊයේ (09 දා* ප‍්‍රකාශ කළාය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment