ලංවීම ලාභ පැටිකිරිය හෙළි කරනු – වෘත්තීය සමිති කියති

51

ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ලබා තිබෙන සැබෑ ලාභය කොපමණදැයි යන්න නිවැරදි දත්ත වහා රටට හෙළිකරන්න යැයි ලංවිම ඉංජිනේරුවන් මෙන්ම වෘත්තීය සමිති සහ දේශපාලන පක්‍ෂ රජයෙන් ඉල්ලා සිටිති.

ඉකුත් වසරේදී තුන් වතාවක්ම විදුලි ගාස්තු සංශෝධනය කරමින් පාරිභෝගික ජනතාව පීඩාවට පත්කර ඇතැයි ද ඔවූහු කියා සිටිති.

ගාස්තු ඉහළ දැමීමෙන් පසු ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑම, විදුලි පරිභෝජනය අඩුවීම ආදී කරුණු නිසා ලංවිම රුපියල් කෝටි 5200 ක් (බිලියන 52) ලාභ ලබා ඇතැයි කීවද සැබෑ ලාභය රුපියල් කෝටි 8000 (බිලියන 80) ඉක්මවා ඇතැයි ගණන් බැලීම්වලදී තහවුරු වන බවද ඉංජිනේරුවෝ කියා සිටිති.

ඒ අනුව විදුලි ඒකකයක මිල රුපියලකින් නොව රුපියල් හයකින්වත් අඩුකළ හැකිව ඇතැයි ඉංජිනේරුවෝ කියති.

එනිසා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංවිම මගින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදී තිබෙන දත්ත සැබෑ දත්තද යන්න විමසීමට කොමිසමට අයිතියක් ඇතැයි ද ඔවූහු පවසති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment