මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක අනතුරකින් 12ක් මරුට

235

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඊයේ (15දා) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ අලුයම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි අධිවේගී මාර්ගයක දී කුඩා බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී එම අනතුර සිදු ව තිබේ.

අනතුරින් පුද්ගලයන් 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බස්රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර, එය රියැදුරුට පාලනය කරගත නොහැකිව කන්ටේනරයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මඟීන් 35 දෙනකු පමණ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.


advertistmentadvertistment