මහින්ද්‍රා අලු‍ත්ම SUV රථ පෙළ Colombo Motor Show 2024 ප්‍රදර්ශනයේදී එළිදැක්වේ

5843

මහින්ද්‍රා සිය නවතම SUV මාදිලි සඳහා Twin Peaks ලෝගෝව හඳුන්වා දෙයි

ලෝක වාහන වෙළඳපොළේ ප්‍රමුඛ නාමයක් දිනූ සමාගමක් වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම හඳුන්වා දෙන නව SUV මාදිලි පෙළක්, නවතම “Twin Peaks” ලෝගෝව යටතේ මෙවර Colombo Motor Show ප්‍රදර්ශනයේදී එළිදක්වනු ලැබීය.

ගතිකත්වය සහ වීරත්වය එකට කැටි කළ නව ලෝගෝව මහින්ද්‍රා සමාගමේ නව SUV මාදිලිවල ඇති ගාම්භීර පෙනුම මෙන්ම සුඛෝපභෝගී බව සහ අව්‍යාජ බව මැනවින් නිරූපණය කරයි. නව SUV පෙළ XUV700″, Scorpio-N, සහ XUV3XO ලෙස නම් කර ඇති අතර, නවීනතම තාක්ෂණයත්, අද්විතීය පෙනුමත් එක්තැන් කළ මාදිලි පෙළක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

සුඛෝපභෝගී බව සහ නව තාක්ෂණය සමඟින් එන XUV700″ රථය, 200 PS TGDi පෙට්‍රල් එන්ජිමකින්, ADAS Level 2 විශේෂාංගය ඇතුළත් AISIN වේග 6 ගියර් පද්ධතිය මෙන්ම, Sunroof සහ ප්‍රිමියම් Sony 12 speaker 3D ශබ්ද පද්ධතියකින් ද සමන්විත වේ.

Scorpio-N යනු 175 PS mHawk ඩීසල් එන්ජිමක් සහ අතිප්‍රබල ක්‍රියාකාරීත්වකින් යුතු රථයක් වන අතර 400 Nm ව්‍යවර්ථයකින් (torque) සමන්විතය. වේග 6 ඔටෝ ගියර් පද්ධතියක්, මාදිලිය තුළ ප්‍රමුඛ විශේෂාංගයක් වූ Off-Road සඳහා විශේෂිත 4XPLOR intelligent terrain management තාක්ෂණයෙන්ද සමන්විත රථයකි.

XUV 3XO රථය තරමක් වෙනස් ආකාරයේ SUV රථයක් ලෙස හැඳින්විය හැකි අතර, 112 PS බලයක් ඇති 1.2L TCMPF පෙට්‍රල් එන්ජිම, 200 Nm ව්‍යවර්ථයක් මෙන්ම AISIN 6 වේග කට්ටලයකින් සමන්විතය. එමෙන්ම  ADAS Level 2″ Skyroof™ සහ twin HD screens වැනි නව තක්ෂණික විශේෂාංගවලින් ද XUV 3XO රථය සමන්විත වේ.

මේ නිසා වාහනවල නවීනතම තාක්ෂණය ගැන උනන්දු පාරිභෝගිකයන් අතර මෙය කැපී පෙනෙන තේරීමක් වනු ඇතැයි සිතිය හැකිය.

මහින්ද්‍රා සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී, සචින් අරොල්කාර් මහතා, “අපේ නව පෙනුම සමග හඳුන්වා දෙන ප්‍රමුඛතම SUV මාදිලි පෙළ මෙවර Colombo Motor Show ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට ලැබීම රථවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා යන මහින්ද්‍රා අපේ ගමනේ සන්ධිස්ථානයක් සේ සැලකීමට පුළුවන්. Twin Peaks ලෝගෝව මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැලපෙන ආකාරයේ උසස්, නවීනතම සහ අව්‍යාජවත් බව මුසු අදහසක් ඉදිරිපත් කෙරෙනවා. එමෙන්ම මේ තුළින් නවෝත්පාදනය සහ සීමා අතික්‍රමණයට අපේ ඇති උනන්දුව පෙන්නුම් කරනවා පමණක් නොව, සන්නාමයක් ලෙස අප අගය කරන නිදහස හා වික්‍රමාන්විත බවට ද හොඳින් ගැලපෙන ලෝගෝවක්. මහින්ද්‍රා SUVවාහන ගැන විශාල උනන්දුවක් ඇති ශ්‍රී ලාංකික වෙළෙඳපොළට අපගේ නව වාහන මාදිලි පෙළ හඳුන්වා දීම ගැන අපට ඇත්තේ ඉමහත් සතුටක්. මෙම ප්‍රදර්ශනය අපගේ ගමන්ම‌ගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති අතරම, රට තුළ SUV වාහන මාදිලි අතින් ප්‍රමුඛස්ථානයකට පැමිණීමටද හේතුවක් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා”යැයි මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේය.

අයිඩියල් මෝටර්ස් සභාපති, නලින් වෙල්ගම මහතා මේ පිළිබදව අදහස් දක්වමින් “මහින්ද්‍රා වෙතින් හඳුන්වා දෙන ප්‍රමුඛ පෙළේ SUV රථ Colombo Motor Show ප්‍රදර්ශනයේදී එළිදක්වන්ට ලැබීම පිළිබඳ අප ඉතාමත් සතුටට පත් වනවා. මෙම SUV රථ නවීන පෙනුමින් හා නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතරම සුඛෝපභෝගී විශේෂාංග රැසකින්ද සමන්විත වන අතර, මෙම වාහන ඉදිරියේදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලබා ගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා” යැයි පැවසීය.


advertistmentadvertistment