මහ ඡන්දයකට බලපෑම් දැඩිවේ

782

එජාපය මත දෙකක!

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වන බලපෑම් මේ වනවිට එන්න එන්නම වැඩි වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස්ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නම් එය පක්ෂයට වාසි සහගත බවට මේ වනවිට මත පළ කිරීමට පටන් ගෙන තිබේ.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් සඳහා සුහද සාදයක් පවත්වා ඇති අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා නොවිමසා වහාම සිය ආසන වෙත ගොස් ජනතා සේවය සිදු කරන ලෙසය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සුදුසු බවද ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවට අදහස් ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment