මෙවර වෙසක් මංගල්‍යය නිමිති කර ගනිමින් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමය පිංකමක් ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී දියත් කෙරුණු අතර, ලංකා බැංකුවේ සභාපති තුමා, මහා කළමනාකාරතුමා සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ඇතුළු විශාල පිරිසක් මෙම පිංකම සමඟ එක්ව, සැදැහැ සිතින් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්හ.

ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය විසින් ලංකා බැංකුව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක් ව ක්‍රියාත්මක කරනු ලබන ‘ධර්ම ශක්ති පූජා වෙසක් වැඩසටහන‘ට සමගාමීව, ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය විසින් මෙම මහා පිංකම සංවිධානය කෙරිණි.

‘ධර්ම ශක්ති පූජා වෙසක් වැඩසටහන‘ ආරම්භ කරනු ලැබුවේ 2019 වසරේදී වන අතර, එය ආරම්භක වසරේ දී කිලිනොච්චිය ප්‍රදේශයේදී, 2022 වසරේදී යාපනයේදී සහ 2023 වසරේදී ත්‍රිකුණාමලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. බෞද්ධ ජනතාවගේ සහ අදාළ ගම්මානවල ජීවත් වන අන්‍යාගමික ජනතාවගේ සහයෝගයෙන් මෙන්ම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී වෙසක් පිංකම මෙවර පැවැත්වෙන්නේ මඩකලපුවේදීය. මෙහිදී සර්වඥ ධාතූන් වහන්සේලා මඩකලපුව වෙත වැඩමවීම සඳහා සිය රන්සිවි ගෙය සහිත රථය ලබා දීම හරහා ලංකා බැංකුව මෙම පිංකමට බැති බර දායකත්වය ලබා දෙන අතර, උතුරු මැද පළාත්, නැගෙනහිර පළාත් සහ බස්නාහිර පළාත් ලංකා බැංකු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සහයෝගය ලබා දුන්හ.

advertistmentadvertistment
advertistmentadvertistment