මාකොළ ගණිකා නිවාස දෙකකින් ඇල්ලූ කතුන් පහකට ඇප

1

මාකොළ, ගල්පොත්ත හා තැඹිලිගස්මුල්ල යන ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් පස් දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඉකුත් 24 වැනිදා නියම කරනු ලැබුවාය.

තවද වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් මස 04 වැනි දිනට කල්තැබු මහෙස්ත්‍රාත්වරිය එදිනට රාගම මහ රෝහලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් වී සමාජ රෝග පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ඔවුනට නියෝග කළාය.

මස්කෙළිය, හැටන්, ආගරපතන හා යක්කල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 30ත් අතර කාන්තාවෝ පස් දෙනකු මෙසේ ශරීර ඇපමත මුදා හැරියහ.

සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මේ කාන්තාවන් පස්දෙනා එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද (478) හා පො.කො. බණ්ඩාර (85855) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment