මාතර තවත් රැඳවියෙක් මොළේ උණට බිලි

89

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්‍රී මෙම රැඳවියා මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මීට මාස 03කට පමණ පෙර ද බන්ධනාගාර ගතවූ 24 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.අදාළ රැඳවියා මොළේ උණ රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බවට සැක පළ කරයි. ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙන බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment