මාතර-වැලිගම වෙඩි පත්තුවේ

312

මාතර, වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විදුහල අසල අද (27) පෙරවරුවේ වෙඩිතැබිමක් සිදුව ඇත.

සිය දරුවන් දෙදෙනා රැගෙන යතුරු පැදියකින් බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත පැමිණි පුද්ගලයකුට මෙම වෙඩි තැබිම සිදු කොට ඇතැයි පොලිසිය කියයි.

පාතාග කල්ලියකට සම්බන්ධ බව කියන මොහු පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට ඇප මත නිදහස්ව පැමිණ සිටින අයෙකු බව පොලිසිය සඳහන් කර සිටී.

මෙම වෙඩි තැබිම සදහා පිස්තොල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment