ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල එනතුරු බලා සිටි සිසුවා ඩෙංගු මදුරුවාට ගොදුරු වෙයි

391

යාපනය මීසාලෙයි වීරසිංහම් ප‍්‍රාථමික විද්‍යාලයේ වයස අවුරුදු 11ක ශිෂ්‍යයකු ඩෙංගු උණ රෝගයට ගොදුරු වී 14 වැනිදා මියගොස් තිබේ.

වී. අජන්තන් හෙවත් අජේ නමැති මෙම ශිෂ්‍යයා 2021 වසරට අදාළව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මේ වසරේ දී පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකි.

අජේ සිසුවාගේ පන්තියේ ගුරුවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෙම සිසුවා එම විභාගයෙන් ඉතා ඉහළ සාමාර්ථයක් පෙන්නුම් කරනු ඇතැයි විදුහලේ සියලූම දෙනා බලාපොරොත්තුවෙන් සිටි බවයි.

මේ වසරේ ජනවාරි මාසයේ දී යාපනයෙන් ඩෙංගු උණ රෝගය වැලඳුණු රෝගීන් 39දෙනකු හමු වූ අතර මීට පෙර ද එක් පාසල් සිසුවකු ඩෙංගු උණ රෝගයට ගොදුරු වී මරණයට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment