අභියෝග ජය ගැනීමට – ශ්‍රී ලංකාව සමග IMF සිටිනවා

77

ඉතා මෑතදී යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ සහාය ලබාදුන් බවත්, එම රටවල අභියෝග ජය ගැනීමට අයිඑම්එෆ් සංවිධානය සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසා ඇත.

ඇය මේ බව කීවේ ඊයේ (10 දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංවාද මණ්ඩපයකදීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.

මීට පෙර නොතිබූ අභියෝගවලට මුහුණ දෙන රටවලට අප සහාය වෙනවා. එමෙන්ම එලෙස අවදානමට ලක්වන මැදි ආදායම්ලාභී රටවලට සහාය ඉහළ නැංවිමට පියවර ගෙන තිබෙනවා. ඉතා මෑතකදී යුක්රේනයට හා ශ්‍රී ලංකාවට අපි අපේ සහාය ලබා දුන්නා. එම රටවල් මෙම අතිශය අභියෝගකාරී දුෂ්කරතා මැඬලන්න කටයුතු කරගෙන යනවා. එම රටවලට සහාය වීමට ලැබීම අපට භාග්‍යයක්. එම රටවල් දෙකට සහ එලෙස අභියෝගවලට මුහුණ දෙන සියලු රටවල් අත්පොලසන් නාදයකින් අප දිරිගන්වනවා. දුෂ්කරතා හමුවේ නොසැලී සිටින්න. ඔබට ඔබ සමග ඔබේ මිතුරන් සහ අයිඑම්එෆ් සිටිනවා.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment