මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ වැඩිදියුණු කිරීම් සිදුකිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය උපදේශක කාරක සභාව තීරණය කොට ඇත.
ඒ අනුව, එම වැඩිදියුණු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය මත සිදුකිරීමට ද එම සභාවේ අනුමැතිය ද හිමිව තිබේ.
2025 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන සහ නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සිදුකෙරේ.
ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරු ද මාදිවෙල නිවාස සංකීර්ණයේ පදිංචි වී සිටිති.