මාලදිවයින ගින්නෙන් අපේ අය ගැන තොරතුරු හෙළිවේ

568

මාලදිවයිනේ මාලේ නුවර විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසක් රැඳී සිටි වාසස්ථානයක හටගත් ගින්නෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත හානියක් සිදුවී ඇතැයි වාර්තාවී නොමැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන් සහ බංග්ලාදේශ ජාතික ශ්‍රමිකයින් පිරිසක් මෙම ස්ථානයේ රැඳි සිටි බවට වාර්තා වී තිබුණි.ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ මියගොස් තිබූ අතර පුද්ගලයින් 09 දෙනෙකු පමණ අතුරුදන් වී තිබේ.එහි රැඳි සිටි පුද්ගලයින් 28 දෙනෙකු ඉවත්කර ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවී ඇත.


advertistmentadvertistment