මාලිමාවෙන් පත්වුණු ‘මන්ත්‍රී තවාන’ ‘ලොවෙත් නැති වෙන්න’ ගම හදනවා – බිමල් රත්නායක

48

විපක්ෂයට ‘සොරි තමයි’

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය අලුත්, තරුණ සහ දක්ෂ නායකයන් දහස් ගණනක තවානක් දමා ඇතැයි ද ඔවුන් ලොවෙත් නැති වෙන්න ගම හදනු ඇතැයි ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා ඊයේ (07දා) කියා සිටියේය.

මොවුන් ගම තුළ ඇති කරන දේශපාලන සංස්කෘතිය සහ ගම ගොඩනැඟීම තුළ ඉදිරියේදී විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ‘සොරි තමයි’ යැයිද හෙතෙම පැවසීය.

මෙම මන්ත්‍රී තවාන අනාගත ජාතික දේශපාලන නායකයන් බිහිකරනු ඇති බව කී රත්නායක මහතා රටේ ඉදිරි ගමන් මගේ පෙර ගමන්කරුවෝ ඔවුහු වෙනු ඇති බවත් පැවසීය.

ජා. ජ. බලවේගයට ගමේ බලය හිමිවීමෙන් විපක්ෂයේ ඉතුරු ටිකත් හේදිලා යනු ඇතැයි ද මෙරට ඉතිහාසයේ පළමු වරට එජාපයට, සජබයට පොහොට්ටුවට මහ නගර සභාවක් දිනා ගැනීමට නොහැකි වී ඇතැයි ද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා ඊයේ (07දා) එම අදහස් පළ කළේ ජ.වි.පෙ. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

සිරිමන්ත රත්නසේකර


advertistmentadvertistment