මාලිමාවේ ප්‍රතිපත්ති නියමුවන් වන්නේ නිපුණතාවෙන් හෙබි පිරිසක්

1

ජාජබ නායක අනුර කුමාර දිසානායක විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වමින් හෙළිකරයි

මාලිමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි නිපුණතාවන් සහිත පිරිසක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් පැවති හමුවේදී හෙතෙම මේ කරුණු හෙළිකර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

අපේ රට වැටී තිබෙන ව්‍යසනයට ප්‍රධාන එක හේතුවක් වී තිබෙන්නේ අපි එකිනෙකාට පැවරී තිබෙන කාර්යභාරයන් පටලවා ගැනීමයි. දේශපාලනඥයන් හැටියට අපට පැවරී තිබෙන කාර්යභාරයත් වෘත්තියවේදීන්, පර්යේෂකයන් සහ විද්‍යාඥයන් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරයත් වෙන් වෙන් වශයෙන් නොගෙන දේශපාලනයේ සැලකිය යුතු බල අධිකාරියකට අනෙකුත් සියලු‍ම දේ යටත් කොට තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ජාතික මට්ටමේ කටයුතු පමණක් නොව මාර්ග තදබදයක් වැළැක්වීමට සුදු ඉරක් ඇඳීම පවා දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති සහ සංකල්ප බවට පත්කොට ගෙන තිබෙනවා. අපේ රට මුහුණ දී තිබෙන සමස්ත අර්බුදයේ එක් හේතුවක් වී තිබෙන්නේ සියල්ල දේශපාලන බල අධිකාරියකට යටත් කර තිබීමයි. ඒ නිසා පළමු කොටම දේශපාලකයන්ට ලබාදෙන ජන වරමේ අරමුණ කුමක්ද යන්නත් වෘත්තියවේදීන්, පර්යේෂකයන් හැටියට ඔබට පැවරී තිබෙන වගකීම කුමක්ද යන්නත් නිරවුල් කොට ගෙන අපේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය වෙනුවට විශ්වාසවන්ත අනාගතයක් ගොඩනැගීමත් මූලිකම අරමුණ වී තිබෙනවා.

දේශපාලකයන්ට බලය උපදින්නේ ජනතාව ලබාදෙන ජන වරමකින්. ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් කරන්නේ ඒ ලබාදෙන ජන වරමේ සීමාවන් ලකුණු කර දීමයි. නමුත් අද පාලනයන් සිදුවන්නේ ඒ ජන වරමට පක්ෂපාතී වෙමින්ද? ව්‍යවස්ථාවෙන් සහ අණපනත්වලින් ලබාදී තිබෙන සීමාවන් ඇතුලේ දේශපාලකයන් ක්‍රියා කරනවාද?, ආසන්න උදාහරණයකින් දක්වනවා නම්, නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට අවස්ථා දෙකකදී ජනාධිපතිගේ නිර්දේශය ලබා දුන්නා. නීතිපතිවරයා විශ්‍රාම යන අවුරුදු 60 ජූනි 26 වැනිදා සම්පූර්ණ වුණා. අගවිනිසුරුවරයා විශ්‍රාම යාමේ වයස සම්පූර්ණ වෙන්න දෙසැම්බර් 31 දක්වා තිබෙනවා. නමුත් අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යන තෙක් නීතිපතිවරයා තබාගන්න ජනාධිපතිට අවශ්‍ය වුණා. ඒ තුළින් නීතිපතිවරයා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කරන්න කල්පනා කළා. ඒ අනුව ජනාධිපති නීතිපති වෙනුවෙන් ලබාදෙන සේවා දිගුවට අදාළ නිර්දේශ ලබාදීම ව්‍යවස්ථාදායක සභාව අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප කර තිබුණා. සියලු‍ බල ව්‍යුහයන් තමන්ගේ අණසකට යටත් කොට තබාගන්න කල්පනා කරනා ආකාරයටම විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සියලු‍ ක්ෂේත්‍රයත් දේශපාලන අධිකාරියේ බල වුවමනාවන්ට යටත් කරන්න උත්සාහ කරනවා.

ජාතික ජන බලවේගය පළමු කොටම මේ බල අධිකාරිය පැවැත්වීම අහෝසි කරනවා. පර්යේෂකයන්, විද්‍යාඥයන්, ව්‍යවසායකයන් ආදී වශයෙන් ඔබට පැවරී තිබෙන කාර්යභාරය ස්වාධීනව කරගෙන යෑම සඳහා අවශ්‍ය පරිසරය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙනවා. ඇතැම් අය අප වෙත ප්‍රශ්නයක් ලෙස යොමු කරන්නේ බලය ලබාගත්තත් ක්‍රියාත්මක කරන්න ඉන්න පිරිස කවුද කියල.සාම්ප්‍රදායිකව ගමට ලයිට්දීම සහ පාරට තාර දමාදීම වැනි කටයුතුවල සිටම දේශපාලනඥයන්ගේ මැදිහත්වීම නිසයි ඒ වගේ ප්‍රශ්න අහන්නේ. නමුත් ජාතික ජන බලවේගය මොනවාද කරන්නේ කියලා මේ වැනි ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ නිවැරදිව සටහන් කර තිබෙනවා. එක් එක් ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන කණ්ඩායම් මගින් ඒ ඒ සියලු‍ ක්ෂේත්‍රවලට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශන ඒ කණ්ඩායම් විසින් සකස් කරමින් ඉන්නවා. ලබන මස අවසන් වන විට ඒ සමස්ත වැඩපිළිවෙළ එළිදක්වන්න අපි අපේක්ෂා කරනවා. ඊළඟට අහන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කවුද කියලා. ඒ ප්‍රශ්නය පිටුපස තිබෙන්නේම සියල්ල දේශපාලකයා විසින් කළ යුතු බවයි. අපි අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගයට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි නම්, සමස්ත ලාංකිකයන්ම එයට සුදුසු නොවන බවයි. අපේ රටේ පුරවැසියන්ට මෙය කළ හැකි නම්, එයින් කියැවෙන්නේ ජාතික ජන බලවේගයට මෙය කළ හැකි බවයි. දේශපාලකයන් හැටියට අපේ අත්දැකීම්, අපේ හැකියාවන්, අපේ නිපුණතාවන් ඇතුළු අපිට අපි ගැන නිසි ඇගයීමක් සහ තක්සේරුවක් තිබෙනවා. ඒ වගේම අපට බාහිරෙන් දැනුම හැකියාවන් සහ නිපුණ මාලිමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි නිපුණතාවන් සහිත පිරිසයි.

advertistmentadvertistment
advertistmentadvertistment