මේ වසරේ ගතවූ මාස තුන ඇතුළත අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,250කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඉකුත් ජනවාරි මස 01 දා සිට මාර්තු 31 දා දක්වා පැමිණිලි 1,267ක් ලැබී ඇති බවත්, එම කාලයේ දිවයින පුරා සිදු කළ වැටලීම් මගින් සැකකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම කොමිෂන් සභාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, පොලිස් නිලධාරීහු 6ක්, විදුහල්පතිවරයෙක්, කම්කරු නිලධාරියෙක්, ක්ෂේත්‍ර නිලධාරියෙක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙක් වෙති. මීට අමතරව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු, සංවර්ධන නිලධාරියකු, අධිකරණ අමාත්‍යාංශ සේවකයකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියකු සහ සිවිල් පුද්ගලයන් 06 දෙනකු ද වන බවද සඳහන් කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මේ වසරේ ගතවූ කාලය තුළ දී චූදිතයන් 24කට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇතැයි ද කියා සිටී.
සුජීව තත්සර