මිද්දෙණිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මියයයි

266

මිද්දෙණිය ඕකන්දයාය ප්‍රදේශයේදී සිදුකරන ලද වෙඩි තැබීමේදී බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි පිරිමි ළමයා ද පෙරේදා රාත්‍රි මියගිය බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මිද්දෙණිය වෙන්දේසිවත්ත පදිංචි විදානගමගේ කලිඳු අමේෂ් නමැති 09 හැවිරිදි පිරිමි ළමයෙකි.

ළමයාගේ පියා 05 හැවිරිදි දියණිය මෙම ළමයා ද සමග 18 වැනිදා රාත්‍රි යතුරුපැදියෙන් යමින් සිටියදී මිද්දෙණිය ගල්පොත්තයාය හන්දිය අසලදී නාඳුනනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඇත.

එහිදී පියාවන විදානගමගේ අරුණ ප්‍රියන්ත හෙවත් කජ්ජා (40) එම ස්ථානයේම මියගොස් සිටි අතර පස් හැවිරිදි දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

බරපතළ තුවාල ලබා සිටි මෙම පිරිමි ළමයා තංගල්ල රෝහලටත් පසුව ඇඹිලිපිටිය රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර එවා ඇත.

මියගිය ළමයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

අහංගම – සුගතපාල දීයගහගේ


advertistmentadvertistment