පොල්ලකින් පහරදී මව ඝාතනය කරලා

109

මානසික ආබාධයෙන් පෙළෙන පුතා අත්අඩංගුවට

මවගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කළ 28 හැවිරිදි ඇයගේ පුත්‍රයා බංගම පොලිසිය මගින් පෙරේදා (30 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, බංගම, ඉහළ මලිදූව, පාවුලවත්ත ගෙදර පදිංචිව සිටි ගාර්දිය ළමාහේවාගේ චන්ද්‍රලතා නමැති 59 හැවිරිදි කාන්තාවකි.

සැකකාර ඇයගේ පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු වන අතර අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවස වෙත පැමිණි අයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මියගිය කාන්තාවගේ මෘත ශරීරය ගම්වාසීන් විසින් අකුරැස්ස දිසා රෝහල වෙත ගෙන ගොස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධියෙන් පසු නිවසින් පලාගොස් සිටි සැකකරු ප්‍රදේශයේ පාළු නිවසක සැඟවී සිටියදී බංගම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බංගම පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. කෞශල්‍ය නානායක්කාර මහතා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කළහ.

සමන් උපුල් පිනිදිය අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment