මුදල් ආරවුලකට පුතා පියාට උදලු මිටෙන් තඩිබාලා

126

එකම පවුලේ මුදල් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගෙන ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් නිවසේදීම පහර කෑමට ලක්වූ හැත්තෑ දෙහැවිරිදි තිදරු පියකු රෝහල් ගතකිරීමෙන් පසු රත්නපුර මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඕපනායක පොලිසිය පවසයි. සැකකාර පුතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 12 වෙනිදා රාත්‍රියේ ඇතිවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඕපනායක, හල්ලින්න, නො. 03 කොටසේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ අමරසිංහ නමැති අයෙකි.

ඉකුත් 12 දා පස්වරුවේ එම නිවසේදී මව පියා සහ පුතා අතර මෙම ආරවුල හටගෙන ඇති අතර මියගිය අයට පොරව මිටෙන් පහර කීපයක් එල්ල වී ඇත.

අනතුරුව පසුදා අලුයම 1990 ගිලන් රථ සේවාව උපයෝගී කරගෙන තුවාලකරු රෝහල්ගත කර ඇත. තුවාලකරු රත්නපුර මූලික රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. සැකකාර පුතා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ (15 දා) බලංගොඩ මහෙස්ත්‍රාත් හෝ දිසා අධිකරණය වෙත යොමුකිරීමට නියමිතව තිබිණි.

ඕපනායක පොලිස් ස්ථානාධිපති එච්. ඒ. ඩී. එන්. හෙට්ටිආරච්චි මහතාගේ (ප්‍ර.පො.ප.) මූලිකත්වයෙන් සහ උ.පො.ප. ප්‍රසාද්, පො.සැ. ප්‍රියන්ත (15237), පො.සැ. අතුකෝරල (34010) යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඕපනායක – ජයලත් එම්. විමලසේන

advertistmentadvertistment
advertistmentadvertistment