රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත රාජ්‍ය හා පෞද්ගලික ආයතන 21කින් අයවිය යුතු රුපියල් අටකෝටි දහතුන් ලක්ෂ හතළිස් අටදහස් තුන්සිය හැට පහක (81,348,365) මුදලක් 2023 වර්ෂයේ දී අය කර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකී සෑම රාජ්‍ය ආයතනයකින් ම රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත අය වීමට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලයේ දී මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත අයවිය යුතු හිඟ ආදායම් මුදල රුපියල් දාසයකෝටි විසිඑක් ලක්ෂ හැත්තෑ දහස් හාරසිය හැටනමයක් (162,170,469) බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.
තවද 2009 වර්ෂය හා ඊට පෙර වර්ෂ සඳහා මුද්‍රණ කටයුතු ඉටුකිරීම වෙනුවෙන් ආයතන 10කින් රුපියල් අටකෝටි දශලක්ෂ දහනමදහස් අටසිය හතළිස් තුනක මුදලක් (81,019,843) අය වීමට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම තොරතුරු සඳහන්ව ඇත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.
ලලිත් චාමින්ද