මෙන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක

3401

තට්ටේ ගාලා රෙදි පටිබැඳගෙන හෝල්වලට එනවාලු…

ඉන්දියානු රුපියල් කෝටි 300ක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද ජවාන් මේ වන විට වාර්තා පොත් අලුත් කරමින් සිනමා තිරය ගිනි තියනවා කියල තමයි අපිට ආරංචි වෙන්නේ. ආරම්භක දිනයේදීම එතෙක් මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයන්න ජවාන් සමත් වුණා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 71ක්. ඊට කලින් ටී සීරීස් ආයතනය මෙහි බෙදාහැරීමේ අයිතිය ලබාගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 250ක් වැනි මුදලකට. ඒ කියන්නේ ජවාන් තිරගත වෙන්න කලින්ම විශාල මුදලක් උපයලා තියෙනවා.

ශාරුක් ඛාන් මෙහි කාලෙකට පස්සේ ද්විත්ව චරිත රංගනයක නිරත වෙනවා. ඒ වික්‍රම් සහ අසාද් විදිහට. ඒක කොයි තරම් සාර්ථක වෙලා තියනවාද කියලා කියනවා නම්, ප්‍රේක්ෂකයින් තුළ මේ වෙනකොටත් ජවාන් ගැන වගේම ශාරුක්ගේ තට්ට විලාසිතාව ගැනත් ලොකු උන්මාදයක් ඇති වෙලා තියෙනවා. මේ නිසාම ප්‍රේක්ෂකයන් මුහුණ රෙදි පටියකින් ඔතාගෙන තට්ටෙ ගාල ෆිල්ම් හෝල් එකට යන එක ටේ‍රන්ඩ් එකක් බවට පත්වෙලා. ජවාන් ලංකාවට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊ.ඒ.පී. සිනමා මණ්ඩලය විසින්.

මෙන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක

පසුගියදා මෙහි විශේෂ දර්ශනයක් වැල්ලවත්ත සැවෝයි සිනමාහලේදී පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වූ අපේ රටේ සිනමාතරු අපේ සිනමා කලා කැමරා කාචයට මෙලෙස හසුවිය.

මෙන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක
advertistmentadvertistment
advertistmentadvertistment