අලි ඇත්තු සුව කළ අතපත්තු නික්ම යයි…

750

අලි ඇතුන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කරනලද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේ්‍යෂ්ඨ පශු වෛද්‍ය නිලධාරී නන්දන අතපත්තු මහතා පසුගියදා අභාවප‍්‍රාප්ත විය.

 ඔහු නියෝජ්‍ය වනජීවී අධ්‍යක්ෂ ධුරයද හෙබවූ අතර, මෙරට අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ ලා මෙන්ම, අලි ඇතුන් ඇතුළු වන සතුන් සුවපත් කිරීමේ ලා කැපී පෙණෙන සේවයක් ඉටුකළ දැවැන්තයෙකි.

අලි ඇත්තු සුව කළ අතපත්තු නික්ම යයි...

ටයි පටිය පැළඳ වන ජීවී ප‍්‍රධාන කාර්යාලයේ තනතුරු හෙබවූ ඔහු, අගනුවර හා ජාත්‍යන්තර සමුළු, සංධානවලද රටේ වනජීවී සම්පත වෙනුවෙන් පෙනී සිටි නමුත්, කොට කළිසම හැඳ මඬේ බැසගෙන වැටී සිටි අලි – ඇතුන් තම දෑතින් ගොඩ දමන්නට කැළේ – කොළේද එකසේ හක්මන් කරන්නටද අතපත්තු මහතා පසුබට වූයේ නැත. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක පශු වෛද්‍යවරයකුගෙන් සමන්විත වූ වකවානුවක ඒ සියලූ බර හා වගකීම් තමා මත පවරාගෙන කටයුතු කළ නන්දන අතපත්තු මහතා අතින් දිවිය බේරාගත් අලි – ඇතුන්ගේ ගණන මෙතකැයි කියා කිව නොහැකිය.

 එපමණක් නොව අලි ඇල්ලීමේ කාර්යයේ නිපුණයෙක් වූ අතපත්තු මහතා, මිනිසුන්ට කරදරයක් වූ තනි අලින් හා කරදරකාරී අලි – ඇතුන් රැුසක් අල්ලා වෙනත් රක්ෂිත ප‍්‍රදේශවලට ගෙන ගොස් මුදාහරින්නට කටයුතු කළ දක්ෂ වන ජීවී නිලධාරියෙකි. අලි ඇල්ලීමේ සහ සුවපත් කිරීමේ කටයුතු සඳහා ඔහුටම ගැලපෙන මෙහෙයුම් වන ජීවී කණ්ඩායමක් තනාගත් ඔහු එම ක‍්‍රියාවන් අකුරටම සිදු කළේය.

 කතාවට මෙන්ම, ක‍්‍රියාවටද එකසේ දක්ෂයකු වූ මොහු සතුවූ පෞරුෂත්වය හා ඍජුව වැඩ කිරීමේ ගුණය නිසා අහපත්තු මහතා කාගේත් සිත් ඇද බැඳගත් චරිතයක් විය.

 බොහෝ අවස්ථාවලදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හිමි වගකීම නොපැකිළව භාරගනිමින් ඍජුව කටයුතු කිරීමේ හැකියාව ඔහුට තිබිණි. අනතුරු හේතුවෙන් අතරමං වන අලි පැටවුන් පින්නවලට යවා හීලෑ වීමට ඉඩ දීමට අකමැති වූ අතපත්තු මහතා සෑම විටම උත්සාහ ගත්තේ එම අලි පැටවුන් සුවපත් කර යළි වනයට මුදාහැරීම සඳහාය. ඒ අනුව 1996 දී උඩවලව ඇත් අතුරු සෙවණ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇරඹෙන්නේ ඔහුගේ සංකල්පයක් අනුවය. ඒ මගින් මේ දක්වා වනයට මුදාහැර ඇති අලි පැටවූ සංඛ්‍යාව 100 කට අධිකය. මෙවන් ජාතික මෙහෙවරක් සිදුකළ දොස්තර නන්දන අතපත්තු මහතාට සොබාසර සහ දිවයින පරිසර අංශයේ ශෝකය පළකර සිටින්නෙමු.

 * ජගත්

advertistmentadvertistment
advertistmentadvertistment