ඉන්දීය කණ්ඩායම කටයුතු කරන්නේ මුලින් සාකච්ඡා කළ සැලසුමට නොව එක් එක් අයගේ සැලසුම්වලට බව ගෞතම් ගාම්බීර් පවසා තිබේ.
ඉන්දියාවේ එක්ස්ප්‍රස් පුවත්පතට අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාගාරය තුළ යම් ආතතියක් ගොඩනැඟී ඇත.
මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ඕවර් විස්සක් ඇතුළත ඉන්දීය කඩුලු 7ක් දැවී ගොස් තරගය පරාජය වූ විට ගෞතම් ගාම්බීර් මුළු කණ්ඩායමටම දොස් නඟා ඇත. ඔහු පවසා ඇත්තේ මේක මට ඇතිවෙලා යනුවෙනි. ක්‍රීඩකයන් තමන්ට අවශ්‍ය ලෙස හිතුමතේ ක්‍රීඩා කිරීම ගාම්බීර්ගේ දැඩි විවේචනයට හේතු වී ඇත.