නැඟෙනහිර ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට සේන්දු වූ MSC MARIELLA නෞකාව
ලොව විශාලතම බහාලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැඟෙනහිර ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ළඟා විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බහාලුම් පර්යන්තයකට පැමිණි විශාලතම බහාලුම් නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැක. කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහාලුම් නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වේ.
2023 වර්ෂයේදී ඉදිකරන ලද MSC MARIELLA බහාලුම් නෞකාව දිගින් මීටර් 399.90 කින් යුතුය. නෞකාවේ පළල මීටර් 61.30කි. ටොන් 240739.0 ක ධාරිතාවයකින් සමන්විතය. නෞකාවේ රැගෙන යා හැකි බහාලුම් ධාරිතාව 24246කි.
මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැඟෙනහිර ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය වෙත පැමිණීම තුළ නැඟෙනහිර පර්යන්තය සතු අතිවිශාල බහාලුම් නෞකා මෙහෙයවීමේ ශක්‍යතාවය තහවුරු වේ. මේ වන විට නැඟෙනහිර බහාලුම් පර්යන්තය සතුව ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන්ගෙන් සමන්විත (STS) ග්‍රැන්ටි දොඹකර සමූහය තුළින් කාර්යක්‍ෂමව සහ ආරක්ෂිතව බහාලුම් මෙහෙයුම් සිදුකිරීමට අවකාශය සලසා තිබේ. එය දියුණු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ශක්‍යතාව හා කැපවීම යළිත් තහවුරු කිරීමකි.
ප්‍රභාත් විතාන