ජීව අවි භාවිතයේ අවදානමක් ගැන ඉන්දියාව අනතුරු අගවයි.

262

ජීව අවි භාවිතය මගින් ත්‍රස්තවාදීන් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් සිදුකරන විනාශයන් නිසා ඉදිරියේදී ලෝක සාමයට සහ ආරක්‍ෂාවට බරපතළ තර්ජන එල්ල විය හැකි යැයි ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ උපදේශකයෙක් වන අමරනාත් සඳහන් කරයි.කොවිඩ් 19 වසංගතයේ පසුබිමට එරෙහිවද ජීව විiාත්මක කාරක සහ රසායනික ද්‍රව්‍ය ආයුධ ලෙස අනිසි ලෙස භාවිතා කිරීමේ ඉහළ තර්ජනයක් ඇති බවද ඉන්දියාව අනතුරු අඟවා තිබුණි.
 
 මෙම ජීව අවි භාවිතය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන බවද සඳහන් කර තිබුණි.න්‍යෂ්ඨික, රසායනික සහ ජීව විiාත්මක අවි ව්‍යාප්තිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ 1540 වැනි කමිටුවේ විවෘත උපදේශනවලදී අදහස් දක්වමින් අමරනාත් මහතා මේ බැව් සඳහන් කර ඇත.නව සහ නැගී එන තාක්‍ෂණයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අනෙකුත් රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් සිදුකළ හැකි හානි වැඩිවිය හැකි බවත් මිසයිල සහ මිනිසුන් රහිත ගුවන් පද්ධති වැනි කටයුතුවලට ත්‍රස්තවාදීන් සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ගනු ලබන උත්සාහයන් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇතැයි ද සඳහන් කර තිබේ.
 
 කොවිඩ් 19 වසංගතයත් සමඟ මෙම රසායන විiාවේ සහ ජීව විiාවේ දියුණුව මත ජීව විiාත්මක කාරක සහ රසායනික ද්‍රව්‍ය ආයුධ ලෙස භාවිතා කිරීමේ තර්ජනය ඉහළ ගොස් ඇති බවත් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් කලාපීය රටවල අවධානය යොමුවිය යුතු බවත් අමරනාත් මහතා ප්‍රකාශ කර ඇත.මේ සම්බන්ධව ඉන්දියාව ජාතික මට්ටමින් සහ කලාපය තුළ වැඩි අවධානයක් යොමුකිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment