වැඩිම ප්‍රමාණය මෙන්ඩිස් සමාගමෙන්
සුරාබදු දෙපාර්තමේන්තුවට 2025 පෙබරවාරි මාසය අවසන් වනවිට රුපියල් කෝටි 9200 කට අධික සුරාබදු සහ ප්‍රමාද ගාස්තු ලැබිය යුතු බවට වාර්තා වී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවට 2025 පෙබරවාරි 28දා වනවිට රුපියල් කෝටි 9200කට වැඩි (9,214,510,124.88) ආදායමක් ලැබිය යුතු බවත් ඉන් වැඩි ප්‍රමාණයක් මෙන්ඩිස් සමාගම විසින් ගෙවිය යුතු බවත් වාර්තා වී ඇත.
ඉකුත් පාලන සමයේ මෙන්ඩිස් සමාගමට සිය නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යන අතරේ සුරාබදුවලට අමතරව ප්‍රමාද ගාස්තුවලත් යම් ප්‍රමාණයක් මාසිකව ගෙවීමට අවස්ථාව ලබාදී බදු අයකර ගැනීමට සැලසුම් කර තිබුණත් මේ වනවිට එම සමාගම වසා දමා ඇති අතර එහි සේවය කළ 300 කට අධික පිරිසකට ද රැකියා අහිමි වී තිබේ.
වත්මන් සුරාබදු දෙපාර්තමේන්තු පරිපාලනය ද ඒ ආකාරයෙන් බදු අයකර ගැනීමට සැලසුම් කර තිබුණත් එය ව්‍යර්ථ වී ඇත. කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුවේ වත්මන් පරිපාලනය ගත් ක්‍රියාමාර්ග නිසා මාසිකව සුරාබදු දෙපාර්තමේන්තුව ලබන බදු ආදායමේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බව පැවැසේ.
මත්පැන් නිෂ්පාදන සමාගම් 19ක් පවතින අතර ඉන් කිහිපයකින් පමණක් සුරාබදු සහ ප්‍රමාද ගාස්තු ලැබීමට නියමිතය.
චමින්ද සිල්වා